අද 2021 ජනවාරි 02 දා.
පස්වරු 03.00 ත් 04.00 ත් අතර කාලයේදී ඉතාමත් අවශ්‍ය කාරණයක් සදහා උස්වැට කෙයියාවට
යාමට සිදුවිය.උස්වැටකෙයියාව මුදු තීරයේ දිගටම ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා බාල තරුණ
මහලු විශාල ජනකායකි. විශාල පිරිසක් එකම ස්ථානයක දියනාති. තවත් පිරිසක් රංචු ගැසී
මත්පැන් පානය කරති. දුම්වැටි භාවිතාව ඉහළ මට්ටමක පවතී.උරා විසිකළ සිගරට් කොට හැම
තැනමය. අත්හැර දමන ලද මුව ආවරණ ඇතැම් තැන්වල වැටී ඇත. මොවුන් එකෙක්වත්
උස්වැටකෙයියාවේ හෝ වත්තල එවුන් නොවේ.බොහෝ පිරිසක් පිට ප්‍රදේශවලින් පැමණියවුන්ය. ඒ
අතර හුදකලාකළ ප්‍රදේශවල අයද ඇතුළත් වේ.
මොවුන්ගේ මේ අමන
හැසිරීම් වලින් සැනකෙළිවලින් කෙලවෙන්නේ අපේ
පැත්තේඋන්ටය. ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් කීප දෙනෙකුම පැවසුවේ මුහුදු තීරය
ඉතාමත් අනාරක්ෂිත බවයි.තමන්ගේ රැකියාව කරන්නට සිදුව ඇත්තේද හිතේ චකිතයෙන් බව කීප
දෙනෙකු විසින්ම පවසන ලදී.
උස්වැටකෙයියාව පදිංචි බොහෝ අය පවසන්නේ ඔවුන් ඒ පැත්තටවත් නොයන බවයි. වෙනත් දිනවල තම නිවාස අසල බයිට් වර්ග, අචිචාරු, බීම වර්ග විකුණන බොහෝ අය එම වෙළදාම් අත්හැර දමා ඇත. එහෙත් වෙළදසැල් නැතිවාම නොවේ.
අපි කොවිඩ් සමග ජීවත් විය යුතුය යන්න අවිවාදයෙන් පිළිගත යුත්තකි. එහෙත් කොවිඩ් සමග අමන රැගුම් රැගිය යුතුය යන්න එයින් අදහස් නොවේ. මෙවුන්ගේ අමන රැගුම්වලින් කොල්ලන්ගේ භාෂාවෙන් කියනවානම් මෝඩ චූන් වලින් කෙළවෙන්නේ උන්ට පමණක් නොවේ. එසේ නැත්නම් ප්‍රදේශවාසි ජනතාවට පමණක් නොවේ. මුළු රටේම අහිංසක මිනිස්සුන්ටය.
කෙළවරක් නැති කොවිඩ් කෙළියත් සමග නෙතට කදුලක් එන බොහෝ දෙනෙක් නොසිතන කාරණාවක්ද ඇත.සෞක්‍ය අංශවල කම්කරු මහතාගේ සිට අධ්යක්ෂ ජනරාල් දක්වාත් පොලිසියේ සහ හමුදාවල ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වාත් මෙම කොවිඩ් කෙළිය නිසා අපමණ දුකක් විදිති. මේ අයට ආතල් අරගෙන සුරතල් වෙවී ඉන්න කාලයක් නැත. අඩු තරමේ දරු සුරතල් බැලීමටවත් ඔවුන්ගේ ඕනෑඑපාකම් ඉටුකර දීමටවත් ඉස්පාසුවක් නැත. ජනතාවගේ වගකීම් රහිත හැසිරීම් මේ සියල්ලන්ටම ලබාදෙන දායකත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවති
මේවා මැඩ පැවත්වීමට ක්‍රමවේදයක් රාජ්යයාන්ත්රණයට. පොලිසියට හමුදා වලට නොතිබේද.මදුරුවන් මරා දැමීමෙන් නොව මදුරුවන් ඇතිවෙන ස්ථාන විනාශ කර දැමීම තුළින් ඩෙංගු මර්ධනය කළ හැකිය යන සිද්ධාන්තය කොවිඩ් වලට අදාල නොවන්නේද? ජනතාවගේ සුරක්ෂිත භාවය සදහා වගකිව යුතු අංශ තම වගකීම ඉටුකරන්නේනම් මෙවැනි අමනයන් මර්ධනය කළ නොහැක්කේද? ප්‍රශ්නාර්ථයකි.
උස්වැටකෙයියාව ගැන අදහසක් ඇතිකර ගැනීමට මෙම සබැදිය මගින් http://ity.im/2bN73 වීඩියෝව බලලම යන්නආයුබෝවන්යලි හමුවෙමු
.