අපේ විත්ති...

Thursday, 19 January 2023

පාරමිතාවකට අවස්ථාවක්.....

 


වත්තල ගැන නොයෙකුත් සුබවාදි සහ අසුභවාදි දේවල් අහන්ඩ දකින්ඩ ලැබෙන වෙලාවක වත්තල පැත්තේ සිද්ධවෙන ඉතාමත් උතුම් සත්කාරයක් ගැනත් පුංචි තොරතුරක් අහන්ඩ ලැබුණා. ලේ දන්දීමක්. මේ ලේ දන්දීමේ කදවුර මීට පෙර වසර කීපයකදීත් අහන්න ලැබුණා. වත්තල ඉන්නෙ පිරිසිදු ලේ ඇගේ තියන මිනිස්සු. එහෙම දුවල පුතාලට සහෝදර සහෝදරියන්ට පුළුවන් මෙම කදවුරට ගිහිල්ල ලේ ටිකක් දන්දීල ජීවිතයක් බේරාගැනීමේ සත්කාරයට දායක වෙන්න. එහෙම කළා කියල ඔබට කවදහරි දවසක සතුටුවෙන්ඩ පුළුවන් වෙයි. ලේ දන්දීමේ තියන තවත් ආනිසංස ගැන කියන්ඩම අවශ්‍ය නැහැ. ඒ ඒ ගැන කවුරුත් දන්න නිසා.

මේ සටහන වත්තල පැත්තෙ ඉන්න මෙවන් සත්කාරයන්ට දායක වීමට ඔබට අවස්ථාවන් ලබා දෙමින් මේ ලේ දන්දීමේ කදවුර සංවිධානය කරන වාසනාවන්ත මිනිස්සුන්ට උපහාරයක් වශයෙනුයි ලිව්වෙ. 

ඔබට ලේ ටිකක් දන්දෙන්න  හැකියාවක් නැතිව ඇති. එහෙත් ඔබට පුළුවන් මේ සටහන ඔබ නියෝජනය කරන කණ්ඩායම් අතර, ඔබේ මිතුරන් අතර  බෙදා හැරල මෙම සත්කාරයට දායක වෙන්න. මෙම බ්ලොග් සටහන් ලෝකයේ බොහෝ රටවල ඉන්න කුමන භාෂාවක් භාවිතා කරන අයෙකුට වුවත් තමන්ගේ භාෂාවෙන් බලාගන්න පුළුවන්.....

නැවත නැවතත් මෙම කටයුත්ත සංවිධානය කරන සත්ගුණවත් මනුෂ්‍යයින්ට ආදරණිය ස්තුතිය ගෞරවණිය ලෙස පුද කරන අතරම සටහන කියවු ඔබ සැමටද ස්තුති වන්ත වෙමි. ආයුබෝවන් නැවත හමුවන තුරු........