අපේ විත්ති...

Monday, 6 September 2021

දහස් ගණන් මිය යන විට සිරි ලංකා දූ පුතුන්, රහමෙර බී පිස්සු කෙළිති ඇතැම් තැනක නරුමයන්.....

 


පැත්තේ විපරම් බ්ලොග්ස්පොට් කොම් අවසාන සටහන අපේ පැත්තේ ජීවත්වෙන සුන්දර මිනිසුන්  ටිකක් ගැනය. එම සටහනේ වත්තල ගදයො  නරුමයො, නස්කූනියො, නැත්තෙම නැහැ කියල ලිව්වාත් මතකය. මේ වගේ අය වත්තලට පමණක් ආවේනික නැත. රට පුරාම සිටිති. අද සටහන උන්දැලෑ ගැනය. එදා එහෙම කිව්වාට අද ඒ අයට ගදයො  නරුමයො, නස්කූනියො, කියලා කියන්නේ නැත. මේත් අපේ දරුවන්ය. අපේ සහෝදරයන්ය. කොටින්ම කිව්වොත් අපේම උන්ය. වරදකට ඇත්තේ හරිහමන් අධ්‍යාපනයක් නොලබූ එකය. අධ්‍යාපනය කියන්නේ සහතික උපාධි ආචාර්ය පට්ටම් හෝ මහාචාර්ය පට්ටම් නොවේ. අනිත් අයට කරදරයක් නැතිව ඉටුවිය යුතු යුතුකම් ඉටු කරමින් ජීවත්වන එකටය.

මුන්දලා ඉන්නකම් මේ වසංගතයෙන් ගොඩ එනවානම් බොරුය. සයියාග් පියා වයියාටවත් එය කළ නොහැක. දැන් දැන් රෑට රෑට සංගීත සාජ්ජ වල ශබ්ධ නිමක් නැත. කණ්ඩායම් වශයෙන් එකතු වී මත්පැන් පානය කරමින් මැදියම් රැය පසුවන තෙක්ම බාල් නටති. එකෙක්ගෙන් කී දෙනෙකුට නම් මේ නස්පැත්තය පැතිරිය හැකිද? නීතිය කරවන්නේ ඔවුන්ගේ බාප්පලා කුඩප්පචිචිලා බවත් සිතාගෙන ඉන්නවාදයි නොදනිමි. එක ගෙදරක එකෙක් බාල් නැටුවහම ඊට නොදවෙනිව බාලක් නටන්න තවත් ගෙදර එකෙකුට වුවමනාය. මේ තත්වය සැම තැනකම පවතින බවත් අසල්වාසින් අසරණ වී ඇති බවත් බොහෝ පැති වලින් අසන්ට ලැබෙන දේය. මොවුන් රටට ලෝකයට පෙන්වන්න හදන්නේ උන් සුපිරි පොරවල් බවය.මේ රටේ ජීවත්වන වැදගත් මිනිස්සුන්ට අනුව නම් මුන් පීචන් පොරවල්ය. අපේම මිනිස්සු දවසකට දෙසියයකට වැඩි ගණනක් මරු තුරුලට යන බව මේ අමන පුත්තුන්ට ගානක්වත් නැත. සැම තැනම කොවිඩ් ආසාධිත රෝගින්ය. නොයෙකුත් ලෙඩදුක් වලින් පෙළෙන දෙමාපියන්ය. මෙම අසරණ රෝගින් නිදාගන්නවාද නැද්ද යන්න ගැනවත් මේ අයට නිනව්වක් නැත. දෙවියන් පය නොගහන තැන යක්කු කරණම් ගසනවා කියන්නේ මෙව්වාටය.

මිනිස්සු හිරවෙලා ඉන්නෙ. ඒ අයටත් විනෝදයක් ඕනෑය කියා තර්කයක්ද ඉදිරිපත් විය හැක. අවුරුදු කන්න ගිහින් කෙලවෙච්චි හැටි දැන් කාටත් අමතකය. සංචාරකයන් ආවාට කොයින් බෝවෙන්නේ නැද්දැයි තවකෙක් අසන්නට පුළුවන. එහෙත් ඒ කථාව පුස්සකි. තාමත් ලංකාවේ කාටවත් කොවින් කියා ලෙඩක් සෑදී නැත. කෙනෙක් විනෝද වෙනවාට අප කිසිසේත් විරුද්ධ නැත. එහෙත් හිතට දුක වසංගතය පැතිරවීම තුළ මොවුන් අනියම් මිනි මරුවන් වෙන බවය.

ගෙදරක කාට හෝ කොවිඩ් ආසාධිත නම් බෝඩ් ලෑල්ල ගසා නැතිවාට ඔවුන් නිරෝධායනය විය යුතුය. එවැනි ගෙවල්වල ඇතැම් අයට ඒ ගැනවත් අදහසක් නැත. ඔවුන් කඩපිල් ගානේ ඇවිදිති. කඩවල මුදලාලිත් නිහඩව ඉන්නේ ඔවුන්ගේ බිස්නස් එක ගැන සිතනාවාටත් වඩා අහක ඉන්න නයි රෙද්ද අස්සේ දමා ගැනීමට ඇති අකැමැත්ත නිසාය.  රක්ෂාවල් වලට යන අය ඒවාට යති. රක්ෂාව කරන තැන අනිත් අය ඔවුන් රෝග වාහකයන් බව නොදනිති. මොවුන් රෝග වාහකයින් නොව මිනි මරුවන්ය. ඇතැම් ආයතන ප්‍රධානින්ටද අවශ්‍ය වන්නේ කෙසේ හෝ සේවකයන් ගෙන්වා ගන්නටය.

මෙවැනි වැඩ කරන නංගිලා මල්ලිලාගෙන් දුවල පුතාලගෙන් ඉල්ලා සිටන්නේ ඔබට තරම් ආර්ථික ශක්තියක් නැති, ඔබට තරම් ශරීර ශක්තියක් නැති තමන්ගේ ලෙඩට දුකට බේත් ටිකක් ගන්න තැනැක් නැති අසරණ මිනිසුන් ගැනත් ඔබ අප වෙනුවෙන් ඉමහත් කැපවීමක් කරමින් දිවා රාත්‍රි සේවය කරන සෞක්‍ය කාර්යය මණ්ඩලය අනෙකුත් සියළුම අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන්නන් ගැනත් සිතා සමාජයට රටට හානිදායක ක්‍රියාවන්  අවම වශයෙන් හෝ නවතා දමන ලෙසයි.

මෙම සටහනට යොදාගත් භාෂා ශෛලිය ගැනනම් මටත් සතුටු නැත. මෙහෙම ලියවෙන්නේ හිතේ ඇති දුකටය. ඒ ගැන කමා වෙත්වා. නැවත හමුවෙමු. අප කොවිඩ් ආසාධිතයන් නොවී ජාතියේ මෙහෙවර ඉටුකරමු. දෙවිපිහිටයි කියා සමුගත්තාට වැඩක් නැත. යක්ෂයින් කරණම් ගහන තැන දෙවියන්ට ඉඩක් නැත....

Monday, 30 August 2021

වත්තල හැඳලින් වසංගතයෙන් විපතට පත් වූවන්ට විශිෂ්ඨ සත්කාරයක්..

            පැත්තේ විපරම් කියල අපි ලියන්නෙ වත්තල ගැන.  වත්තල කියන්නෙ ඉතාමත් සුන්දර මිනිස්සු වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයක්. එහෙම කිව්වට ගදයො  නරුමයො, නස්කූනියො, නැත්තෙම නැහැ. ඒත් වැඩියෙන් ඉන්නෙ හොද මිනිස්සු. ඒක වත්තල අපට ලොකු ආඩම්බරයක්. අද සටහනත් හොද මිනිස්සු වගයක් එකතුවෙලා කරන හොද වැඩක් ගැනයි.

           වත්තල පැත්තෙ කොවිඩ් ආසාධනය නිසා නිරෝධායනය කරපු ගෙයක් නැති පාරක් මාවතක් කුඩා ඉඩමක් හොයාගන්න එක නොමළ ගෙයකින් අබටිකක් හොයාගන්නව වගේ වැඩක් කියල සමාජ මාධ්‍ය වල කව්දෝ සටහනක් යොදල තිබුණ. සමහර ගෙවල්වල පවුලේ සියළු දෙනාම ආසාධිතයි. මේ වෙලාවෙ අනෙත් ගෙවල්වල මිනිස්සුත් ජීවත් වෙන්නෙ ඉතා අමාරුවෙන්. එහෙමයි කියල තමන්ගෙ අසල්වාසින් අමාරුවෙ වැටිච්චි වෙලාවෙ සම්බෝලයි බතුයි හරි තමන්ට පුළුවන් විධියට දෙන්න හතරවටේ මිනිස්සු අමතක කළේ නැහැ.

            වත්තල හැදල තමන්ගෙ ගමේ මිනිස්සු පත්වෙලා තියන මේ තත්වය තෙරුම්ගත් හැදල  කොල්ලො ටිකක් වැඩිහිටියන්වත් එකතු කරගෙන ලංකාවේ කොහෙවත් කරල නැති සත්කාර සේවාවක් ලගකදි පටන් ගත්ත කියහල්ලකො.මෙයාල මූණු පොතේ සටහන් කරල තිබ්බ පුළු පුළුවන් අය එක බත් පාර්සලයක් හෝ සකස් කරල අපිට කියන්න. අපි ඒව අරගෙන ගිහිල්ල අවශ්‍ය අයට බෙදා දෙන්නම් කියල. අද මෙය සාර්ථක වැඩ පිළිවෙලක් බවට පත්වෙලා.පුළුවන් විධියට තමන්ට හැකි පමණ බත් පාර්ශල් ලබා දුන්න කියල තමයි ආරංචිය.


            සමහර අය තමාගෙ වාහනය පවා මේ වැඩ සටහනට ලබා දීල තිබුණ. මේ සටහන යෙදුවෙ කාවවත් පුම්බන්න එහෙමනම් නොවෙයි. මේ සත්කාරය කරන කොල්ලන්ට එහෙම පිම්බෙන්න අවශ්‍යතාවක් නොමැති බව ගමේ ජීවත්වන අපි හොදටම දන්නව. එයාල ඒක කරන්නෙ ඉතාමත් සත්භාවයෙන් සටහනේ එකම පරමාර්ථය වන්නෙ මේ වගේ වැඩ පිළිවෙලක් ලංකාවෙ අනෙක් ප්‍රදේශවලත්  ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කිරීමයි. එහෙම කරනවනම් ඒක අපේ වුන්ට ලොකු ගෟරවයක්.

            මෙම වැඩපිළිවෙලටම සම්බන්ධ එක්තරා තරුණ මහත්මයෙක් කීප දෙනෙකුටම පුද්ගලිකව පණිවිඩ යවල තිබුණ මේ වෙලාවෙ තමන්ගේ බේත්ටික ගන්න විධියක් නැති අසරණ මිනිස්සු ඉන්නවනම් පුද්ගලිකව දන්වන්න මම බේත්ටික යවන්නම් කියල.  හැබැයි බේත් ලබාදුන්නෙ කව්ද කියලනම් කියන්න එපා කියලත් තිබුණ.

            ලංකාවේ අනෙක් ප්‍රදේශවල මේ වගේ සත්කාර සේවාවන් නැහැ කියල කියන්නෙනම් නැහැ. සමහර පංසල්වල අපේ ගරුතර ස්වාමින් වහන්සේලා ආසාධනය වෙච්චි ගමේ හැමොටම කෑම දෙනව කියලත් ආරංචියි.
මෙ වෙලාවෙ උද්ව් අවශ්‍ය මිනිස්සුන්ට පුද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් හෝ  ආගමික ස්ථානයක් වශයෙන් හෝ උදව් කරන හැම දෙනාටම මෙම සටහන උපහාරයක්ම වේවා කියමින් නවතිනව. 

යලි හමුවෙමු.

මිනිසුන් අතුළු සියළුම සත්වයින් මෙම වසංගතයෙන් ආරක්ෂා වේවායි පතමි.
 

Saturday, 2 January 2021

උස්වැටකෙයියාවට රතු එළියක්....


        අද 2021 ජනවාරි 02 දා. පස්වරු 03.00 ත් 04.00 ත් අතර කාලයේදී ඉතාමත් අවශ්‍ය කාරණයක් සදහා උස්වැට කෙයියාවට යාමට සිදුවිය.උස්වැටකෙයියාව මුදු තීරයේ දිගටම ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා බාල තරුණ මහලු විශාල ජනකායකි. විශාල පිරිසක් එකම ස්ථානයක දියනාති. තවත් පිරිසක් රංචු ගැසී මත්පැන් පානය කරති. දුම්වැටි භාවිතාව ඉහළ මට්ටමක පවතී.උරා විසිකළ සිගරට් කොට හැම තැනමය. අත්හැර දමන ලද මුව ආවරණ ඇතැම් තැන්වල වැටී ඇත. මොවුන් එකෙක්වත් උස්වැටකෙයියාවේ හෝ වත්තල එවුන් නොවේ.බොහෝ පිරිසක් පිට ප්‍රදේශවලින් පැමණියවුන්ය. ඒ අතර හුදකලාකළ ප්‍රදේශවල අයද ඇතුළත් වේ.

        මොවුන්ගේ මේ අමන හැසිරීම් වලින් සැනකෙළිවලින් කෙලවෙන්නේ අපේ  පැත්තේඋන්ටය. ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් කීප දෙනෙකුම පැවසුවේ මුහුදු තීරය ඉතාමත් අනාරක්ෂිත බවයි.තමන්ගේ රැකියාව කරන්නට සිදුව ඇත්තේද හිතේ චකිතයෙන් බව කීප දෙනෙකු විසින්ම පවසන ලදී.

        උස්වැටකෙයියාව පදිංචි බොහෝ අය පවසන්නේ ඔවුන් ඒ පැත්තටවත් නොයන බවයි. වෙනත් දිනවල තම නිවාස අසල බයිට් වර්ග, අචිචාරු, බීම වර්ග විකුණන බොහෝ අය එම වෙළදාම් අත්හැර දමා ඇත. එහෙත් වෙළදසැල් නැතිවාම නොවේ.

        අපි කොවිඩ් සමග ජීවත් විය යුතුය යන්න අවිවාදයෙන් පිළිගත යුත්තකි. එහෙත් කොවිඩ් සමග අමන රැගුම් රැගිය යුතුය යන්න එයින් අදහස් නොවේ. මෙවුන්ගේ අමන රැගුම්වලින් කොල්ලන්ගේ භාෂාවෙන් කියනවානම් මෝඩ චූන් වලින් කෙළවෙන්නේ උන්ට පමණක් නොවේ. එසේ නැත්නම් ප්‍රදේශවාසි ජනතාවට පමණක් නොවේ. මුළු රටේම අහිංසක මිනිස්සුන්ටය.

        කෙළවරක් නැති කොවිඩ් කෙළියත් සමග නෙතට කදුලක් එන බොහෝ දෙනෙක් නොසිතන කාරණාවක්ද ඇත.සෞක්‍ය අංශවල කම්කරු මහතාගේ සිට අධ්‍යක්ෂ ජනරාල් දක්වාත් පොලිසියේ සහ හමුදාවල ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වාත් මෙම කොවිඩ් කෙළිය නිසා අපමණ දුකක් විදිති. මේ අයට ආතල් අරගෙන සුරතල් වෙවී ඉන්න කාලයක් නැත. අඩු තරමේ දරු සුරතල් බැලීමටවත් ඔවුන්ගේ ඕනෑඑපාකම් ඉටුකර  දීමටවත් ඉස්පාසුවක් නැත. ජනතාවගේ වගකීම් රහිත හැසිරීම් මේ සියල්ලන්ටම ලබාදෙන දායකත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවති 

        මේවා මැඩ පැවත්වීමට ක්‍රමවේදයක් රාජ්‍යයාන්ත්‍රණයට. පොලිසියට හමුදා වලට නොතිබේද.මදුරුවන් මරා දැමීමෙන් නොව මදුරුවන් ඇතිවෙන ස්ථාන විනාශ කර දැමීම තුළින් ඩෙංගු මර්ධනය කළ හැකිය යන සිද්ධාන්තය කොවිඩ් වලට අදාල නොවන්නේද?  ජනතාවගේ සුරක්ෂිත භාවය සදහා වගකිව යුතු අංශ තම වගකීම ඉටුකරන්නේනම් මෙවැනි අමනයන් මර්ධනය කළ නොහැක්කේද? ප්‍රශ්නාර්ථයකි.

    උස්වැටකෙයියාව ගැන අදහසක් ඇතිකර ගැනීමට මෙම සබැදිය මගින් http://ity.im/2bN73 වීඩියෝව බලලම යන්නආයුබෝවන්යලි හමුවෙමු 
.