අපේ විත්ති...

Saturday, 26 December 2020

මිනිසුන් අතර අමනයන් සහ නරුමයන්......

        බොහෝ වගකිවයුත්තන් සුවනින්දේය. ඒ අතර කොරෝනා රෝගින් සඛ්‍යාව හතලිස් දහසක් ඉක්මවයි.දිනකට හත්සියයකට  ආසන්න හෝ අධික රෝගින් සංඛ්‍යාවක් අලුතින්  රෝගින් සංචිතයට එකතු වෙයි. පසුගිය සති දෙකක පමණ කාලයක් දිවයිනේ සාප්පු සංකීරණ වෙළදසැල් ඉතිරී ගොස් තිබුණි. රටේ  වසංගතයක් පවතින බවට වගේ වගක් ඔවුන්ට නොතිබුණි. බොහෝ දෙනා අපේක්ෂා කළේ නත්තලට පෙර දිනවත් මෙම තත්වය වෙනස්වනු ඇති බවයි.

            ඇත්තටම වෙනසක් සිදුවි ඇත. දැන් මේ අමන රැල වෙනත් ගේමක් පටන්ගෙන ඇත. නත්තල් පාටි එමටය. ජේසුස් වහන්සේගේ පමණක් නොව වෙනත් උන්දලාද මේ දවස්වල තමන්ගේ උපන්දින සමරයි.මොවුන්ගෙන් සමහරක් මීට පෙර අවුරුදුවලදී ඔවුන්ගේ උපත සිදුවූවාද කියාවත් දන්නේ නැති වුන්ය. සමහරුන් හිතා ඉන්නේ මේ අවස්ථාවේදි පාටි දැම්මාම උන් පොරවල් වෙන බවයි. සමහර නත්තල් සාද වල පින්තුර වීඩියො සමාජ මාධ්‍ය හරහාද ප්‍රචාරය කරන්නේ අසික්සිත ලෙසය. ඇතැම් වුන් සජීවවද තම උත්සව සමාජ මාධ්‍ය මගින් විකාශනය කර තිබුණි. මේ කී නොකී සියළු දේ වලින් අනිකුත් වුන්දලාද අමන ගොඩට එක්කර ගැනීමට උත්සාහ කරයි. අද කෙසේ වෙතත් ඔවුන්ද හෙට මේවා කරනු ඇත.රටේ වැඩි දෙනා කැමති මෝඩ චූන් වලටය.


                මේ අලකලංචි අස්සේ අපේම සොයුරු සොයිරියන් දූ දරුවන් කොපමණ සංඛ්‍යාවක් තම රැකියාවට එහා ගිය කටයුත්තක් කරමින් අතිශයින් දුෂ්කර ක්‍රියාවල නිරතව සිටිනවාද. හමුදාවේ පොලිසියේ, සෞක්‍ය ක්ෂ්‍රෙත්‍රවල නිලධාරින්, ග්‍රාම නිලධාරින්, පුද්ගලික ආරක්ෂක සේවාවල නිලධාරින්, කුණු කසල ඉවත් කරන මහත්වරු, අත්‍යවශ්‍ය සේවාවල නිරත අය  ආදි කී නොකී කොපමණ පිරිසක් ඔබ වෙනුවෙන් දුක් විදිනවාද?  ඔවුන්ට දූ දරුවන් නැද්ද? ඔවුනු මනුෂ්‍යයින් නොවන්නේද? අමනයින්ගේ වගකීමක් නැති ක්‍රියාව තුළ ඔවුන් මෙම් දුෂ්කර ක්‍රියාවන්ගේන් නිදහස් වන්නේ කවදාද? ටිකකට හිතන්න ඔවුනුත් ඔබ වගේම මනුෂ්‍යයන්ය. 


                මෙම කොවිඩ් තත්වය හමුවේ ඉපයිම් මාර්ග අහිමී වූ කොපමණ ජනතාවක් ඔබ මධුවිත තොලගාද්දී කුසගින්නේ පසු වෙනවාද?

            උත්සව සමය තවම පටන් ගත්තා පමණි. තව හොද හොද සෙල්ලම් ඉදිරියේදී තිබිය හැක.ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. ඔබ එක් අයෙක් ආසාධිතයෙක් වුණොත් තව කීදෙනෙක් අමාරුවට පත් වෙනවාද? දෙවියන්ගේ නාමයෙන් අනිත් අය ගැනත් සිතන්න. කළගුණ නොදත් ගුණමකුවන් ලෙස නොව වැදගත් මිනිසුන් ලෙස වගකීමක් ඇති මිනිසුන් ලෙස ඔබේ වටිනා ජිවිතය ගත කරන්න. එසේ නොවුනොත් කොවිඩ් නිසා මියයන මිනිසුන්ගේ ශෝකාලාපයන්ම ඔබටත් ඔබේ සමීපතමයන්ටත් ශාපයක්ම වනු ඇත.සටහන නිමයි නැවත හමුවෙනතුරු අපි හොද  ළමයින් වෙමු ආයුබෝවේවා නිදුක් වෙත්වා නිරෝගි වේත්වා!!!!

උත්සව සමයේ ඔබ ගත කළ යුුත්තේ කෙසේද යන කාරණය සම්බන්ධ සෙෘඛ්‍යය බලධාරින්ගේ උපදෙස් සදහා http://ity.im/ASteP මෙම සබැදිය භාවිතා කරන්න



Saturday, 19 December 2020

වත්තලට නත්තල අරුමයක් නොවේ



වත්තලට නත්තල අරුමයක් නොවේ. වත්තල මිනිස්සුන්ට හැමදාම නත්තල්ය. ඒ වත්තල පැත්තේ ජීවත් වෙන වැඩි දෙනෙක් හිත හොද සුන්දර මිනිසුන් නිසාය. වත්තල ඉන්න ඇති හැකි මිනිස්සු පල්ලියේ මංගල්ලෙටත්, පංසලේ පෙරහැරටත්, සෙබස්තියන් උන්නාන්සේගේ සුරුවම ගෙන යන මංගල්‍යයටත්, කඨින පිංකමටත් ආදි කී  නොකී සැමදේටමත් තමන්ට හැකි පමණින් අන් අයට සළකති. දන් දෙති. මේ අතර දෙළොවටම නැති කුහකයෝත් නැත්තේ නොවේ. ඒවැන්නන් වත්තල පමණක් නොව ලොව හැම තැනම වෙසෙති.

අද වත්තල මිනිස්සුන්ට තියෙන ලොකුම චෝදනාව වන්නේ වත්තල නගරයේ තිබෙන සුවහසක් සාප්පු සංකීරණ තුල නත්තල් කෑමට පොරකන බවයි. සටහන් කරු විසින් කරන ලද පුංචි සමීක්ෂණයකට අනුව තහවුරු වන්නේ වත්තල නගරයේ කඩ සාප්පු වල පොරකන්නේ තෙරපෙන්නේ බොහොමයක් වත්තල මිනිස්සු නොව වත්තලින් බැහැර ජනතාව බවයි. උත්සව සමයේදී තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා වත්තල කරා පිට පළාත් වලින් අති විශාල ජනකායක් ඇදී එයි. එය වත්තල අපට ආඩම්බරයකි. එමෙන්ම වත්තල ව්‍යාපාරිකයන්ට ඉතාමත් හොද කාලයකි. අපි කිසිසේත් ඔබව දෝෂ දර්ශණයට ලක් නොකරන්නෙමු.

උත්සව සමයේ වත්තලට ඇදී එන ජනතාව වත්තල පුරවැසියන් වශයෙන් අප සාදරයෙන් පිළිගන්නා අතර අපේ එකම ඉල්ලීම වන්නේ ඔවුන්ද කොවිඩ් ආසාධිතයන් නොවී වත්තල අපිවද ආසාධිතයන් නොකර සංයමයකින් යුතුව තම අවශ්‍යතාවන් ඉටුකර ගන්නා ලෙසයි. වත්තල අපි වැටුණු වලෙන් තවමත් ගොඩ එමින් සිටින්නෙමු. නැවතත් වල ඇතුළට වැටීමට අපට හැකියාවක් හෝ අපේක්ෂාවක් නැත. කාපු කටු  හොදටම ප්‍රමාණවත්ය.

ඔබ අප සියළු දෙනාටම නත්තලින් පසු එළබෙන නව අවුරුද්දවත් සිතේ සතුටින් යුතුව භාර ගැනීමට හැකි වේවායි පතමි. සැමට ප්‍රීතිමත් නත්තලක් මෙන්ම සුබ නව වසරක්ද පතමි. 2021 තවත් 2020 ක් නොවේවා !


අපෙ අම්මා කුකින් වෙතින් නත්තලට ලාභ පැටිස්  http://ity.im/8TiCG ඒ වගේම මේ දවස්වල චුන් පාන් මල්ලිලා පස්සෙ යන්නෙ නැතිව මාළු පාන් ටිකක් ගෙදරම හදා ගන්න. මෙන්න ලින්ක් එක  http://ity.im/kCKg1

Tuesday, 15 December 2020

හුදකලා බඩු මල්ලට මොකද වුණේ?

     

    වත්තල පොලිස් බල ප්‍රාදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් පහක් දිගු කාලයක් හුදකලා කර තිබුණි.  කෙරවලපිටිය නයිදූව ප්‍රාදේශය සහ වැලිකඩමුල්ල දූව වත්ත ප්‍රාදේශීය හැර වත්තල පොලිස් වසමේ අනෙකුත් ප්‍රදේශ 2020.12.14 වන දින පෙරවරු 05.00 සිට හුදකලා බැවින් නිදහස් කර ඇත. හුදකලා කළ ප්‍රාදේශයේ පවුලකට රුපියල් 2500.00 ක ආහාර මල්ලක් ලබා දිමට රජය විසින් ගනු ලැබූ තීරණය ප්‍රශංශාත්මකය. 

            ආහාර මල්ල පිළියෙල කිරීම විනිවිද භාවයෙන් කර තිබුණා. එමෙන්ම සමහර ප්‍රදේශ වල බෙදා හැරීමේ කටයුතුද ඉතාමත් විනිවිදව කර තිබුණා. එහෙත් වත්තල ඇතැම් පෙදෙස් වලට මෙම සහනාධාරය තවමත් ලැබී නැහැ. ලැබී නැති පෙදෙස්වල ජනතාව පවසන්නේ අප ශ්‍රි ලාංකිකයන් නොවේද යන්නයි. ලංකාව් හැම දෙයක්ම හොරට සිදුවෙනවා කියාවත් නොසැලකිල්ලෙන් සිදුවෙනවා කියාවත් අප කියන්නේ නැහැ. එහෙත් මෙම කාර්යයන් වල නිරතව ඉන්න අයට රාජකාරි බහුලයි. ඒ නිසාම අතපසු වීමක් වෙලාඇති. දැන් හුදකලා බව අවසන්ව ඇති බැවින් බඩු මල්ල නොලැබුණ අයට එය නැවත ලැබේවිද යන්නත් ප්‍රශ්නාර්ථයක්. වත්තල ඇවරිවත්ත වසමේ ඇතැම් අය පවසන්නේ මෙවැනි සහනාධාරයක් ඔවුනට නොලැබුණ බවයි

          මෙම වියලි ආහාර බෙදා හැරීමේදී යම් අතපසුවීමක් වුණානම් එය නිවැරදි කර ගැනීමත් වටිනව. හුදකලා බව අවසන් වුණා නිසා දැන් දෙන්නේ නැහැ කියල කියනවනම් එය සාධාරණ නැහැ. මොකද හැමෝටම සමානව සැළකුම් ලැබීමේ අයිතිය ශ්‍රි ලාංකික සමාජයේද තහවුරු කර ඇති බැවින්. කෙසේ වෙතත් මෙවැනි අතපසු කිරීම රජය අපකීර්තියට පත් වන්නක්  මෙන්ම සමහර විට රාජකාරි කටයුතු අරඹයා වරදක්ද වෙන්න පුළුවන්

මෙම සටහන අතපසුවූ අවධානය යලි සිහිපත් කිරීම සඳහායි. විවේචන හෝ අමනාපය සඳහා නොවේ. අදට නවතිමි.

 

හැකිනම් ඉහත දකුණුපස කොටුවේ ඔබේ email ලිපිනය යොදා subscribe කරන්න

 

 

Saturday, 12 December 2020

හුදකලා කළ ප්‍රදේශවල සැමට සහනාධාර

 

            
            හුදකලා කළ  ප්‍රදේශවල සැමට රුපියල් 2500 ක ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ලක් ලබා දී ඇත. මෙම ආහාර මළු පිළියෙල කිරීම ඉතා විනිවිද භාවයකින් කර තිබූ අතර සෑම මල්ලකටම භාණ්ඩ මිලට ගත් ආයතනයේ බිල්පතක්ද යා කර තිබුණි. වත්තල කෙරවලපිටියේ අපට ලබාදුන් භාණ්ඩ පුද්ගලික ආයතනයකින් මිලට ගෙන තිබුණද භාණ්ඩයේ මිල සදහන් නොවන අල,ළූනු වැනි දේද වෙළපලේ පවත්නා මිලටත් වඩා අඩු මිල ගණන් වලට ලබාගෙන .තිබීමද විශේෂත්වයකි.

            මෙම කටයුත්තට දායක වූ රාජ්‍ය යාන්ත්‍රණයේ සැමටත්, භාණ්ඩ බෙදාහැරීමේදී අවධානමද නොතකා කටයුතු කළ දේශපාලන අධිකාරියේ ප්‍රදේශීය නායකත්වයටත් ස්තුතිය ඵල කරමි.

            මෙම භාණ්ඩ මළු තවමත් ඔබ වෙත නොලැබී ඇත්නම් ඔබේ ග්‍රාම නිලධාරි තුමා අමතන්න.
 

Friday, 11 December 2020

අපි වැදගත් වෙමු.

 


        මෙම කොරෝනා කාලයේ අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් පිටව නොගිය මම අද දින ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකට පිටතට ගියෙමි. මා ජීවත්වන ප්‍රදේශය හුදකලා කර ඇති අතර ග්‍රාම නිලධාරි වසමේ මායිම් වල පොලිස් නිලධාරින් සහ හමුදා නිලධාරින්ද රදවා ඇත. මෙම නිලධාරින් ඉටුකරන්නේ ඉතාමත් දුෂ්කර කාර්යයක් බව නිරීක්ෂණය විය. මා යතුරු පැදියෙන් ගමන් ගත් අතර මා ගමන් කරන මාර්ගයේ යතුරුපැදි දෙකක් සමග රැදීසිටි ප්‍රද්ගලයින් දෙදෙනෙක් ඉදිරියේ තිබෙන මුර  කපොල්ලෙන් ඉදිරියට යාමට සූදානම්ව සිටින බව දක්නට ලැබුණි.ඔවුන් රැදී සිටි ස්ථානයට ආසන්නව මගේ යතුරු පැදිය සුළු දෝෂයක් නිසා නැවතුන අතර ඔවුන්ගේ සංවාදය මා සවනට යොමුවිය. අනුන්ගේ කථා අසා සිටීම නරක පුරුද්දක් වුවත් ඇහෙනවානම් මොනවා කරන්නද.

        ඔවුන් දෙදෙනාම කිසියම් නිශ්චිත කාර්යයක් සදහා ගමන් කරන බවක් මට නොපෙනුනත් ඔවුන්ගේ කාරණාව ඔවුන්ට වැදගත් විය හැක. ඔවුනට අනුව වැඩි වේගයකින් පොලිසිය සිටින තැන පසුකළොත් ප්‍රශ්ණයක් ඇති නොවනු  ඇත. එය එසේම සිදුවිය. අසරණ නිලධාරින්ට ඔවුන්ව පියමංකර යන මෙම අමනයන්ගේ පස්සා පැත්ත බලන් සිටිනවා හැර මෙම අවස්ථාවේදි  වෙන කරන්ඩ දෙයක් නැත. මෙවැනි පුද්ගලයින් කී දෙනෙකු දිනකට මෙම මුරපොලවල් පසුකර යනවා ඇද්ද?

        මෙම නිලධාරින් රැකියාවක් කර කිසියම් වැටුපක් ලබනවා විය හැක. එහෙත් ඔවුන්ට දහසින් බැදි පියලි ලැබෙන්නේ නැත. ඔවුන් රාජකාරි කරන තැන්වල පහසුකම් නැත. ඒ මහ පාරේය. මැසි මදුරුවන්ගේ ප්‍රහාරයන්ට ලක් වෙමින් කොරෝනා තර්ජන හමුවේ පමණක් නොව ඩෙංගු වැනි වසන්ගත හමුවේද ඔවුන් අසරණව ඇත. ඔවුන්ට ඔටුනු පළදවන කෙනෙක් නැත.පොඩ්ඩක් වැරදුණොත් බැණුම් කෝටියක් කියන්නට මිනිසුන් ඇත. ඔවුන් ආරක්ෂා කරන්නේ අපිවය.ඒ ඔවුන්ගේ දරුපවුල් ඇපයට තබලාය. එම් නිලධාරින් අපගේ දරුවන් අපගේ සහෝදයින් වැනි අයවලුන්ය. මේ අවස්ථාවේදී අප කළ යුත්තේ ඔවුන් සැහැල්ලුවට ලක්කර තිබෙන තර්ජන වලට අමතරව මානසික පීඩනයක්ද ගෙන දෙමින් කටයුතු කිරීමද? නැත. කිසිසේත්ම නැත. අප අපට හැකි සියළු සහයෝගය ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීමේදී ලබා දිය යුතුය. ඔවුන් අපෙන් කන්ඩ අදින්ඩ ඉල්ලන්නේ නැත.එසේ ඉල්ලීමක් කළත් අප විසින් එය අපට හැකි පමණ ඉටුකර දීමද යුතු කමකි.

        මේ වසංගත සමයේ  මෙම හුදකලා කළ ප්‍රෙද්ශවල ඉන්නේ වැදගත් මිනිස්සු නම් පොලිස් හමුදා මුරකාවල් අවශ්‍ය නැත. පොලිසිය හමුදාව මගින් අපේ සංචරණයන් සීමා කිරීමට සිදුව ඇත්තේ අප හිතන  තරම් වැදගත් මිනිසුන් නොවන බැවිණි. අපි වැදගත් වෙමු. අපේ ආරක්ෂාව අපිම තහවුරු කර ගනිමු. එසේ කළහොත් අප නිදහසේ දිවි ගෙවන මිනිසුන් බවට යලි පත්වන දීනයද ඈතක නොවනු ඇත.

        මිනිසුන් වැදගත් විධියට හැසිරනේනේ නැත්නම්. ජංගම රථ වලින් ගොස් නිකරුනේ හැසිරෙන්නන්ට මුෂ්ඨි ප්‍රහාර හෝ එල්ලකර අපේ වැදගත්කම ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙස  ජනතාව පොලිසියෙන් අයද සිටින දිනය ඈතක නොවනු ඇත. එදාට මහලොකු මානව හිතවාදින් විසින් සමාජ මාධ්‍යජාලා පිටු පුරවනු ඇත.

        සටහන නිමයි. යලි හමුවෙමු. එතෙක් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා . කොවිඩ් ආසාධිතයෙක් නොවෙත්වා ආයුබෝවේවා........
 
 
 

Monday, 7 December 2020


 

අපේපැත්ත  වත්තලය. අප කථාකරන්නේ වත්තල ගැනය.වත්තල ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 05 ක් මේ වන විටත් හුදකලා කර ඇත. කෙරවලපිටිය, කුරුදුහේන, වැලිකඩමුල්ල, ඇවරියවත්ත සහ හේකිත්ත එම ග්‍රාම නිලධරි වසම් වේ.මෙසේ හුදකලා කර ඇත්තේ එම ග්‍රාම නිලධාරි වසම් කොවිඩ් 19 සම්බන්ධ අධි අවධානම් කලාප බැවින් විය හැකිය.

මෙසේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරි වසමක් ගත්තොත් එම වසම පුරාම දැඩි අවධානම් සහගත තත්වයක් නැත. වසමේ ඇතැම් කොටස් වල දැඩි අවධානවම් සහිත තත්වයක් පැවතියත් අනිකුත් කොටස් වලද පවතින්නේ, රට පුරාම, එසේත් නැත්නම් වත්තල පුරාම ඇති පොදු අවධානම් තත්වයයි.       හුදකලා කර ඇති  පෙදෙස් වලින් අනෙකුත් පෙදෙස් වලට ජනයා ඇදීයාම වැලැක්විය නොහැක්කේ අවිධිමත් මාර්ග හරහා එම ප්‍රෙද්ශ වලට පිවිසීමට  හැකියාවක් ඇති බැවිනි. ජනතාවගෙන් වැඩි පිරිසකට තම ග්‍රාම නිලධාරි කොට්ඨාශය ගැනවත්, ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ සීමා මායිම් ගැනවත් අදහසක් නැත. අද උදේ කිසියම් කටයුත්තකට මා හමුවීමට ආ අයෙක් පවසන ලද්දේ මගේ නිවස ඇති ප්‍රදේශය හුදකලා කර ඇති බව ඔහු නොදන්නා බවයි. පාරකින් මායිම් වන ග්‍රාම නිලධාරි වසම් වල පාරේ එක් පැත්තක් හුදකලා ප්‍රදේශයකටද අනෙක් පැත්ත හුදකලා නොකළ ප්‍රදේශයකටද අයත් වන අවස්ථා ඇත. මේ අනුව මේ ගෙදර මිනිහා හුදකලාවට අයත් වන අතර ඉස්සරහ ගෙදර මිනිහා හුදකලාවට අයත් නොවේ. ග්‍රාම නිලධාරි කොට්ඨාශ වෙනුවට අවධානම ඇති ප්‍රදේශ පමණක් තෝරාගෙන හුදකලා කළොත් වඩාත් ඵලදායි විය හැක. තවත් ගැටළුවක් වන්නේ හුදකලා නොකළ ප්‍රදේශවල අවධානම් ප්‍රදේශ නැත්තටම නැත්තේද යන කාරණයයි.

අද (8) වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ සැමටම වියලි ආහාර මල්ලක් රජයෙන් බෙදා දෙන බවට කථාවක් ආරංචි විය. වැලිකඩමුල්ලට පමණක් දී හුදකලා කළ අනෙක්  ප්‍රදේශවලට නොදී සිටීමටද බැරිය. පෙරද සදහන් කළ පරිදි මේ ගෙදර මිනිහාට පාර්ශලයක් ලැබෙන අතර ඉස්සරහ ගෙදර මිනිහාට ලැබෙන්නේ නැත.

බලධාරින් කර ඇත්තේ ඔවුනට කරන්ඩ පුළුවන් දෙයයි. යම් අඩුපාඩුවක් පෙන්වා දුන්නත් ඒවා විවේචනය කරන්ඩ හොද නැත. ඒ එතුමන්ලාත් මිනිසුන් බැවිනි. ඒ අයටද තමන්ගැන තමන්ගේ දරු පවුල් ගැන වගකීම් නැත්තේ නොවේ. ඒ අය සියළු දෙනාම මෙම අවස්ථාවේ ඉටුකරන්නේ රාජකාරියට එහාට ගිය මනුෂ්‍යත්වයේ මෙහෙයුමකි. වැඩි වගකීම ඇත්තේ ප්‍රදේශයේ ජීවත් වන මහජනතාවටය. කොවිඩ් ආසාධිතයන් නොවී සිටීමටත්, කොවිඩ් පතුරන්නෙකු නොවීසිටීමටත් ඔවුන්  වගබලා ගත යුතුය.එසේ වන්නේනම් මොන හුදකලාවක්වත් අවශ්‍ය වන්නේ නැත. තමන් හුදකලාවෙන් ඉවත් කළ පමණින් කොවිඩ් අනතුර පහව ගියා ලෙස කටයුතු කළ යුතු නැත.හුදකලාව ඉවත් කිරීම ලියවිල්ලක් පමණි.