අද වත්තල මිනිස්සුන්ට තියෙන ලොකුම චෝදනාව වන්නේ වත්තල
නගරයේ තිබෙන සුවහසක් සාප්පු සංකීරණ තුල නත්තල් කෑමට පොරකන බවයි. සටහන් කරු විසින්
කරන ලද පුංචි සමීක්ෂණයකට අනුව තහවුරු වන්නේ වත්තල නගරයේ කඩ සාප්පු වල පොරකන්නේ
තෙරපෙන්නේ බොහොමයක් වත්තල මිනිස්සු නොව වත්තලින් බැහැර ජනතාව බවයි. උත්සව සමයේදී
තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා වත්තල කරා පිට පළාත් වලින් අති විශාල ජනකායක්
ඇදී එයි. එය වත්තල අපට ආඩම්බරයකි. එමෙන්ම වත්තල ව්‍යාපාරිකයන්ට ඉතාමත් හොද කාලයකි.
අපි කිසිසේත් ඔබව දෝෂ දර්ශණයට ලක් නොකරන්නෙමු.
උත්සව සමයේ වත්තලට ඇදී එන ජනතාව වත්තල පුරවැසියන් වශයෙන්
අප සාදරයෙන් පිළිගන්නා අතර අපේ එකම ඉල්ලීම වන්නේ ඔවුන්ද කොවිඩ් ආසාධිතයන් නොවී
වත්තල අපිවද ආසාධිතයන් නොකර සංයමයකින් යුතුව තම අවශ්‍යතාවන් ඉටුකර ගන්නා ලෙසයි.
වත්තල අපි වැටුණු වලෙන් තවමත් ගොඩ එමින් සිටින්නෙමු. නැවතත් වල ඇතුළට වැටීමට අපට
හැකියාවක් හෝ අපේක්ෂාවක් නැත. කාපු කටු
හොදටම ප්‍රමාණවත්ය.
ඔබ අප සියළු දෙනාටම නත්තලින් පසු එළබෙන නව අවුරුද්දවත්
සිතේ සතුටින් යුතුව භාර ගැනීමට හැකි වේවායි පතමි. සැමට ප්‍රීතිමත් නත්තලක් මෙන්ම
සුබ නව වසරක්ද පතමි. 2021 තවත් 2020 ක් නොවේවා !
අපෙ අම්මා කුකින් වෙතින් නත්තලට ලාභ පැටිස් http://ity.im/8TiCG ඒ වගේම මේ දවස්වල චුන් පාන් මල්ලිලා පස්සෙ යන්නෙ නැතිව මාළු පාන් ටිකක් ගෙදරම හදා ගන්න. මෙන්න ලින්ක් එක http://ity.im/kCKg1
No comments:
Post a Comment