අපේපැත්ත
වත්තලය. අප කථාකරන්නේ වත්තල ගැනය.වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 05
ක් මේ වන විටත් හුදකලා කර ඇත. කෙරවලපිටිය, කුරුදුහේන, වැලිකඩමුල්ල, ඇවරියවත්ත සහ
හේකිත්ත එම ග්‍රාම නිලධරි වසම් වේ.මෙසේ හුදකලා කර ඇත්තේ එම ග්‍රාම නිලධාරි වසම්
කොවිඩ් 19 සම්බන්ධ අධි අවධානම් කලාප බැවින් විය හැකිය.
මෙසේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරි වසමක්
ගත්තොත් එම වසම පුරාම දැඩි අවධානම් සහගත තත්වයක් නැත. වසමේ ඇතැම් කොටස් වල දැඩි
අවධානවම් සහිත තත්වයක් පැවතියත් අනිකුත් කොටස් වලද පවතින්නේ, රට පුරාම, එසේත්
නැත්නම් වත්තල පුරාම ඇති පොදු අවධානම් තත්වයයි. හුදකලා
කර ඇති පෙදෙස් වලින් අනෙකුත් පෙදෙස් වලට
ජනයා ඇදීයාම වැලැක්විය නොහැක්කේ අවිධිමත් මාර්ග හරහා එම ප්‍රෙද්ශ වලට
පිවිසීමට හැකියාවක් ඇති බැවිනි. ජනතාවගෙන්
වැඩි පිරිසකට තම ග්‍රාම නිලධාරි කොට්ඨාශය ගැනවත්, ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ සීමා
මායිම් ගැනවත් අදහසක් නැත. අද උදේ කිසියම් කටයුත්තකට මා හමුවීමට ආ අයෙක් පවසන
ලද්දේ මගේ නිවස ඇති ප්‍රදේශය හුදකලා කර ඇති බව ඔහු නොදන්නා බවයි. පාරකින් මායිම්
වන ග්‍රාම නිලධාරි වසම් වල පාරේ එක් පැත්තක් හුදකලා ප්රදේශයකටද අනෙක් පැත්ත
හුදකලා නොකළ ප්රදේශයකටද අයත් වන අවස්ථා ඇත. මේ අනුව මේ ගෙදර මිනිහා හුදකලාවට අයත්
වන අතර ඉස්සරහ ගෙදර මිනිහා හුදකලාවට අයත් නොවේ. ග්‍රාම නිලධාරි කොට්ඨාශ වෙනුවට
අවධානම ඇති ප්‍රදේශ පමණක් තෝරාගෙන හුදකලා කළොත් වඩාත් ඵලදායි විය හැක. තවත්
ගැටළුවක් වන්නේ හුදකලා නොකළ ප්‍රදේශවල අවධානම් ප්‍රදේශ නැත්තටම නැත්තේද යන
කාරණයයි.
අද (8) වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ
සැමටම වියලි ආහාර මල්ලක් රජයෙන් බෙදා දෙන බවට කථාවක් ආරංචි විය. වැලිකඩමුල්ලට
පමණක් දී හුදකලා කළ අනෙක් ප්‍රදේශවලට නොදී
සිටීමටද බැරිය. පෙරද සදහන් කළ පරිදි මේ ගෙදර මිනිහාට පාර්ශලයක් ලැබෙන අතර ඉස්සරහ
ගෙදර මිනිහාට ලැබෙන්නේ නැත.
බලධාරින් කර ඇත්තේ ඔවුනට කරන්ඩ පුළුවන්
දෙයයි. යම් අඩුපාඩුවක් පෙන්වා දුන්නත් ඒවා විවේචනය කරන්ඩ හොද නැත. ඒ එතුමන්ලාත්
මිනිසුන් බැවිනි. ඒ අයටද තමන්ගැන තමන්ගේ දරු පවුල් ගැන වගකීම් නැත්තේ නොවේ. ඒ අය
සියළු දෙනාම මෙම අවස්ථාවේ ඉටුකරන්නේ රාජකාරියට එහාට ගිය මනුෂ්‍යත්වයේ මෙහෙයුමකි.
වැඩි වගකීම ඇත්තේ ප්‍රදේශයේ ජීවත් වන මහජනතාවටය. කොවිඩ් ආසාධිතයන් නොවී සිටීමටත්,
කොවිඩ් පතුරන්නෙකු නොවීසිටීමටත් ඔවුන්
වගබලා ගත යුතුය.එසේ වන්නේනම් මොන හුදකලාවක්වත් අවශ්‍ය වන්නේ නැත. තමන්
හුදකලාවෙන් ඉවත් කළ පමණින් කොවිඩ් අනතුර පහව ගියා ලෙස කටයුතු කළ යුතු නැත.හුදකලාව
ඉවත් කිරීම ලියවිල්ලක් පමණි.
No comments:
Post a Comment