බොහෝ වගකිවයුත්තන් සුවනින්දේය. ඒ අතර කොරෝනා රෝගින් සඛ්‍යාව හතලිස් දහසක් ඉක්මවයි.දිනකට හත්සියයකට ආසන්න හෝ අධික රෝගින් සංඛ්‍යාවක් අලුතින් රෝගින් සංචිතයට එකතු වෙයි. පසුගිය සති දෙකක පමණ කාලයක් දිවයිනේ සාප්පු සංකීරණ වෙළදසැල් ඉතිරී ගොස් තිබුණි. රටේ වසංගතයක් පවතින බවට වගේ වගක් ඔවුන්ට නොතිබුණි. බොහෝ දෙනා අපේක්ෂා කළේ නත්තලට පෙර දිනවත් මෙම තත්වය වෙනස්වනු ඇති බවයි.
ඇත්තටම වෙනසක් සිදුවි ඇත. දැන් මේ අමන රැල
වෙනත් ගේමක් පටන්ගෙන ඇත. නත්තල් පාටි එමටය. ජේසුස් වහන්සේගේ පමණක් නොව වෙනත් උන්දලාද
මේ දවස්වල තමන්ගේ උපන්දින සමරයි.මොවුන්ගෙන් සමහරක් මීට පෙර අවුරුදුවලදී ඔවුන්ගේ
උපත සිදුවූවාද කියාවත් දන්නේ නැති වුන්ය. සමහරුන් හිතා ඉන්නේ මේ අවස්ථාවේදි පාටි
දැම්මාම උන් පොරවල් වෙන බවයි. සමහර නත්තල් සාද වල පින්තුර වීඩියො සමාජ මාධ්‍ය
හරහාද ප්‍රචාරය කරන්නේ අසික්සිත ලෙසය. ඇතැම් වුන් සජීවවද තම උත්සව සමාජ මාධ්‍ය
මගින් විකාශනය කර තිබුණි. මේ කී නොකී සියළු දේ වලින් අනිකුත් වුන්දලාද අමන ගොඩට
එක්කර ගැනීමට උත්සාහ කරයි. අද කෙසේ වෙතත් ඔවුන්ද හෙට මේවා කරනු ඇත.රටේ වැඩි දෙනා
කැමති මෝඩ චූන් වලටය.
මේ අලකලංචි අස්සේ අපේම සොයුරු සොයිරියන් දූ
දරුවන් කොපමණ සංඛ්‍යාවක් තම රැකියාවට එහා ගිය කටයුත්තක් කරමින් අතිශයින් දුෂ්කර ක්‍රියාවල
නිරතව සිටිනවාද. හමුදාවේ පොලිසියේ, සෞක්‍ය ක්ෂ්රෙත්රවල නිලධාරින්, ග්‍රාම
නිලධාරින්, පුද්ගලික ආරක්ෂක සේවාවල නිලධාරින්, කුණු කසල ඉවත් කරන මහත්වරු,
අත්‍යවශ්‍ය සේවාවල නිරත අය ආදි කී නොකී
කොපමණ පිරිසක් ඔබ වෙනුවෙන් දුක් විදිනවාද?
ඔවුන්ට දූ දරුවන් නැද්ද? ඔවුනු මනුෂ්‍යයින් නොවන්නේද? අමනයින්ගේ වගකීමක්
නැති ක්‍රියාව තුළ ඔවුන් මෙම් දුෂ්කර ක්රියාවන්ගේන් නිදහස් වන්නේ කවදාද? ටිකකට
හිතන්න ඔවුනුත් ඔබ වගේම මනුෂ්‍යයන්ය.
මෙම කොවිඩ් තත්වය හමුවේ ඉපයිම් මාර්ග අහිමී
වූ කොපමණ ජනතාවක් ඔබ මධුවිත තොලගාද්දී කුසගින්නේ පසු වෙනවාද?
උත්සව සමය තවම පටන් ගත්තා පමණි. තව හොද හොද
සෙල්ලම් ඉදිරියේදී තිබිය හැක.ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. ඔබ එක් අයෙක් ආසාධිතයෙක්
වුණොත් තව කීදෙනෙක් අමාරුවට පත් වෙනවාද? දෙවියන්ගේ නාමයෙන් අනිත් අය ගැනත් සිතන්න.
කළගුණ නොදත් ගුණමකුවන් ලෙස නොව වැදගත් මිනිසුන් ලෙස වගකීමක් ඇති මිනිසුන් ලෙස ඔබේ
වටිනා ජිවිතය ගත කරන්න. එසේ නොවුනොත් කොවිඩ් නිසා මියයන මිනිසුන්ගේ ශෝකාලාපයන්ම
ඔබටත් ඔබේ සමීපතමයන්ටත් ශාපයක්ම වනු ඇත.සටහන නිමයි නැවත හමුවෙනතුරු අපි හොද ළමයින් වෙමු ආයුබෝවේවා නිදුක් වෙත්වා නිරෝගි වේත්වා!!!!
උත්සව සමයේ ඔබ ගත කළ යුුත්තේ කෙසේද යන කාරණය සම්බන්ධ සෙෘඛ්‍යය බලධාරින්ගේ උපදෙස් සදහා http://ity.im/ASteP මෙම සබැදිය භාවිතා කරන්න
ඇත්තම තමා
ReplyDelete