වත්තල පොලිස් බල ප්රාදේශයට අයත් ග්රාම නිලධාරි වසම් පහක් දිගු කාලයක් හුදකලා කර තිබුණි. කෙරවලපිටිය නයිදූව ප්රාදේශය සහ වැලිකඩමුල්ල දූව වත්ත ප්රාදේශීය හැර වත්තල පොලිස් වසමේ අනෙකුත් ප්රදේශ 2020.12.14 වන දින පෙරවරු 05.00 සිට හුදකලා බැවින් නිදහස් කර ඇත. හුදකලා කළ ප්රාදේශයේ පවුලකට රුපියල් 2500.00 ක ආහාර මල්ලක් ලබා දිමට රජය විසින් ගනු ලැබූ තීරණය ප්රශංශාත්මකය.
ආහාර මල්ල පිළියෙල කිරීම විනිවිද භාවයෙන් කර තිබුණා. එමෙන්ම සමහර ප්රදේශ වල බෙදා හැරීමේ කටයුතුද ඉතාමත් විනිවිදව කර තිබුණා. එහෙත් වත්තල ඇතැම් පෙදෙස් වලට මෙම සහනාධාරය තවමත් ලැබී නැහැ. ලැබී නැති පෙදෙස්වල ජනතාව පවසන්නේ අප ශ්රි ලාංකිකයන් නොවේද යන්නයි. ලංකාව් හැම දෙයක්ම හොරට සිදුවෙනවා කියාවත් නොසැලකිල්ලෙන් සිදුවෙනවා කියාවත් අප කියන්නේ නැහැ. එහෙත් මෙම කාර්යයන් වල නිරතව ඉන්න අයට රාජකාරි බහුලයි. ඒ නිසාම අතපසු වීමක් වෙලාඇති. දැන් හුදකලා බව අවසන්ව ඇති බැවින් බඩු මල්ල නොලැබුණ අයට එය නැවත ලැබේවිද යන්නත් ප්රශ්නාර්ථයක්. වත්තල ඇවරිවත්ත වසමේ ඇතැම් අය පවසන්නේ මෙවැනි සහනාධාරයක් ඔවුනට නොලැබුණ බවයි
මෙම වියලි ආහාර බෙදා හැරීමේදී යම් අතපසුවීමක් වුණානම් එය නිවැරදි කර ගැනීමත් වටිනව. හුදකලා බව අවසන් වුණා නිසා දැන් දෙන්නේ නැහැ කියල කියනවනම් එය සාධාරණ නැහැ. මොකද හැමෝටම සමානව සැළකුම් ලැබීමේ අයිතිය ශ්රි ලාංකික සමාජයේද තහවුරු කර ඇති බැවින්. කෙසේ වෙතත් මෙවැනි අතපසු කිරීම රජය අපකීර්තියට පත් වන්නක් මෙන්ම සමහර විට රාජකාරි කටයුතු අරඹයා වරදක්ද වෙන්න පුළුවන්
මෙම සටහන අතපසුවූ අවධානය
යලි සිහිපත් කිරීම සඳහායි. විවේචන හෝ අමනාපය සඳහා නොවේ. අදට නවතිමි.
හැකිනම් ඉහත දකුණුපස
කොටුවේ ඔබේ email ලිපිනය යොදා subscribe කරන්න
No comments:
Post a Comment